Tuesday, April 21, 2026
Homeදේශීයඋතුරු සුමාත්‍රා මුහුදේ හටගත් භූ චලනයෙන් මෙරටට සුනාමි අවදානමක් නෑ - ජාතික...

උතුරු සුමාත්‍රා මුහුදේ හටගත් භූ චලනයෙන් මෙරටට සුනාමි අවදානමක් නෑ – ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය

උතුරු සුමාත්‍රා මුහුදු ප්‍රදේශයේ හටගත් භු චලනය හේතුවෙන් මෙරටට සුනාමි අවදානමක් නෑ- ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය-කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

අද පෙරවරුවේ උතුරු සුමාත්‍රා දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ හටගත් භූ චලනයෙක් ශ්‍රි ලංකාවට බලපෑමක් නොමැති බව ජාතික පූර්ව සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

මැග්නිටියුඩ් ඒකක 6.6 ක ප්‍රබලත්වයෙන් යුත් එම භු චලනය ඇතිවූයේ අද පෙරවරු 10.49ට බව එම ආයතනයේ නිවේදනයේ සඳහන්.

ඒ, එම ප්‍රදේශයේ කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරින්. කෙසේ වෙතත් තම ආයතනය එහි බලපෑමක් මෙරටට නොමැති බව නිවේදනය කරන්නේ, අදාළ ජාතික සහ අන්තර්ජාතික ආයතනවල එකඟතාව සමඟ බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කර්ය නියුතු කාලගුණ විද්‍යාඥවරයා සඳහන් කළා.

READ:   යල කන්නයේ අස්වැන්නේ අග්‍ර කොටස දළදා සමිඳුන්ට පූජා කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්