දේශීය

ඌවේ අල කාලා ඉවරයිද? අල ගොවියත් ඉවරට ඉවරයි?

ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති ප්‍රමුඛ කණ්ඩායම ඌව පරණගම එළවළු වගාබිම් නිරීක්ෂණය හා වර්තමානයේ ගොවීන්ට පවතින ගැටලු පිලිබදව සොයා බැලීම ඌවපරණගම අඹගස්දෝව ප්‍රදේශයේ දී ඊයේ (04) සිදු කෙරුණා.

මෙරට තුල පවතින ආර්ථික අර්බුදය හා දේශපාලන වාර්තාවරනයත් සමග බැදුණු අර්බුදයේ ප්‍රතිපලයක් වශයෙන් ගොනැගුණු වර්තමානයේ පවතින එළවළු මිල සීඝයෙන් ඉහල යෑම හා ගොවි බිම් තුළ විවිධාකාරයෙන් පවතින අර්බූද හා උඩරට එළවළු වගාවන් සඳහා අධික වර්ෂාපතනය හා අනෙකුත් සාධක නිසා 60%ක් පමණ විනාශ වීම නිසාවෙන් මෙම චාරිකාව ඌව පරණගම, වැලිමඩ, කැප්පෙටිපොළ, අවට ගොවිබිම් ආශ්‍රිතව පැවැත් වූවා.

ඒ සඳහා ජාතික ගොවිජන එකමුතුවේ සභාපති ඇතුළු එම සංවිධානයේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා.

ගොවිබිම් නිරීක්ෂණ චාරිකාව අඹගස්දෝව ප්‍රදේශයෙන් ආරම්භ කල අතර එකී අවස්ථාවේ දී දේශීය අල වගාකල ගොවීන් තමන්ට පවතින ගැටළු පිළිබඳව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ප්‍රමුඛ එම නිලධාරීන් වෙත පවසා සිටියා.

මෙම අවස්ථාවට සම්බන්ධ වූ ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරත් තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.

“ඌව පළාතේ කෘෂිකර්ම බලධාරින් නිදි.. ඌවේ අල වගාව හමාරයි..මෙවර ඌව පරණගම, වැලිමඩ අල වගාවට හිටු මැරිමේ රෝගය නිසා මෙවර අල ගොවියා හා අර්තාපල් අස්වැන්න විනාශවීමේ දැඩි අවදානමක් පවතිනවා” යන්න ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් නොවී ම නිසා ගොවින් හා ගොවී බීම් වල පවතින ගැටළු පිළිබද ගොවින්ට වගකිවයුතු සංවිධානයක් ලෙස ගොවි ගැටළු පිළිබද තොරතුරු රටට හෙලී කිරිමෙදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිළධාරින් අදාළ ගැටළුව පැන නගින්නේ කොතනින්ද, එම ගැටළුව විසන්දනේ කෙසේද යන්න සොයා නොබලන බවයි ඔහු චෝදනා කර සිටින්නේ.

ඒ වෙනුවට ගොවි සංවිධානයක් වෙන ජාතික ගොවිජන එකමුතුවේ නිළධාරින්ට චොදනා නගමින් එක එක ආයතන වල පැමිණිලි ඉදිරිපත් කරමින් එම දෙපාර්තමේන්තුව කටයුතු කරන බව තෙන්නකෝන් මහතා පවසනවා.

බී ලූණු වගාවට කර විනාශය ම අල වගාවටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන බවත් ගොවියා හා ගොවිතැන විනාශ නොකර රජය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත්ව ගොවින් ආරක්ෂා කර ගැණිමට නම් මේ ගොවින්ට නිසි වන්දියක් හො ලබාදෙන ලෙසත් අනුරාධ තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසුවා.

“අද මෙම රෝග නිරික්ෂණය කිරිමට පලාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු කිසිම නිලධාරියෙක් මේ වනතෙක් පැමිණ නැතිබවත්, අදාල බලධාරීන් සීත කාමර ඇතුලේ ඉදන් ප්‍රගති සමාලෝචනය වාර්තා හදනවා, කෘෂිකර්මාන්තය හදන්න ගොවිබිම් නිරික්ෂණය කරන්න එන්නේ නෑ..”

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago