දේශීය

ඌවේ අල කාලා ඉවරයිද? අල ගොවියත් ඉවරට ඉවරයි?

ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති ප්‍රමුඛ කණ්ඩායම ඌව පරණගම එළවළු වගාබිම් නිරීක්ෂණය හා වර්තමානයේ ගොවීන්ට පවතින ගැටලු පිලිබදව සොයා බැලීම ඌවපරණගම අඹගස්දෝව ප්‍රදේශයේ දී ඊයේ (04) සිදු කෙරුණා.

මෙරට තුල පවතින ආර්ථික අර්බුදය හා දේශපාලන වාර්තාවරනයත් සමග බැදුණු අර්බුදයේ ප්‍රතිපලයක් වශයෙන් ගොනැගුණු වර්තමානයේ පවතින එළවළු මිල සීඝයෙන් ඉහල යෑම හා ගොවි බිම් තුළ විවිධාකාරයෙන් පවතින අර්බූද හා උඩරට එළවළු වගාවන් සඳහා අධික වර්ෂාපතනය හා අනෙකුත් සාධක නිසා 60%ක් පමණ විනාශ වීම නිසාවෙන් මෙම චාරිකාව ඌව පරණගම, වැලිමඩ, කැප්පෙටිපොළ, අවට ගොවිබිම් ආශ්‍රිතව පැවැත් වූවා.

ඒ සඳහා ජාතික ගොවිජන එකමුතුවේ සභාපති ඇතුළු එම සංවිධානයේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා.

ගොවිබිම් නිරීක්ෂණ චාරිකාව අඹගස්දෝව ප්‍රදේශයෙන් ආරම්භ කල අතර එකී අවස්ථාවේ දී දේශීය අල වගාකල ගොවීන් තමන්ට පවතින ගැටළු පිළිබඳව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ප්‍රමුඛ එම නිලධාරීන් වෙත පවසා සිටියා.

මෙම අවස්ථාවට සම්බන්ධ වූ ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරත් තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.

“ඌව පළාතේ කෘෂිකර්ම බලධාරින් නිදි.. ඌවේ අල වගාව හමාරයි..මෙවර ඌව පරණගම, වැලිමඩ අල වගාවට හිටු මැරිමේ රෝගය නිසා මෙවර අල ගොවියා හා අර්තාපල් අස්වැන්න විනාශවීමේ දැඩි අවදානමක් පවතිනවා” යන්න ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් නොවී ම නිසා ගොවින් හා ගොවී බීම් වල පවතින ගැටළු පිළිබද ගොවින්ට වගකිවයුතු සංවිධානයක් ලෙස ගොවි ගැටළු පිළිබද තොරතුරු රටට හෙලී කිරිමෙදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිළධාරින් අදාළ ගැටළුව පැන නගින්නේ කොතනින්ද, එම ගැටළුව විසන්දනේ කෙසේද යන්න සොයා නොබලන බවයි ඔහු චෝදනා කර සිටින්නේ.

ඒ වෙනුවට ගොවි සංවිධානයක් වෙන ජාතික ගොවිජන එකමුතුවේ නිළධාරින්ට චොදනා නගමින් එක එක ආයතන වල පැමිණිලි ඉදිරිපත් කරමින් එම දෙපාර්තමේන්තුව කටයුතු කරන බව තෙන්නකෝන් මහතා පවසනවා.

බී ලූණු වගාවට කර විනාශය ම අල වගාවටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන බවත් ගොවියා හා ගොවිතැන විනාශ නොකර රජය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත්ව ගොවින් ආරක්ෂා කර ගැණිමට නම් මේ ගොවින්ට නිසි වන්දියක් හො ලබාදෙන ලෙසත් අනුරාධ තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසුවා.

“අද මෙම රෝග නිරික්ෂණය කිරිමට පලාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු කිසිම නිලධාරියෙක් මේ වනතෙක් පැමිණ නැතිබවත්, අදාල බලධාරීන් සීත කාමර ඇතුලේ ඉදන් ප්‍රගති සමාලෝචනය වාර්තා හදනවා, කෘෂිකර්මාන්තය හදන්න ගොවිබිම් නිරික්ෂණය කරන්න එන්නේ නෑ..”

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

1 hour ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 hours ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

14 hours ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

14 hours ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

14 hours ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

4 days ago