Tuesday, July 21, 2026
Homeදේශීයකොළඹට ඇතුළු වන දුර ගමන් බස් රථ පරික්ෂාවට (වීඩියෝ)

කොළඹට ඇතුළු වන දුර ගමන් බස් රථ පරික්ෂාවට (වීඩියෝ)

දිවයින පුරා ක්‍රියාත්මක ‘යුක්තිය’ මෙහෙයුමට සමගාමීව අද අලුයම් කාලයේ සිට දකුණු පළාත සිට කොළඹ නගරයට ඇතුළුවන සියලුම දුර ගමන් සේවා බස්රථ පරීක්ෂා කිරීම කළුතර නගරය ආසන්නයේදී සිදු වුණා.

මෙම බස් රථ පරීක්ෂා කිරීම සඳහා කළුතර දකුණ පොලිසිය, විශේෂ කාර්ය බළකායේ කටුකරුන්ද කඳවුර ,කළුතර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් පනහකට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටි බවයි වාර්තාකරු පැවසුවේ.

මෙහිදී කොළඹට ඇතුළුවන සියලුම දුර ගමන් සේවා බස් රථ පොලිස් මාර්ග බාධකයක් යොදා නවතා එම බස් රථවල සිටින මගින් බස්සවා ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීම සිදු කර ඇති අතර කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ බ්‍රාවෝ නිල පොලිස් සුනඛයා යොදවා බස් රථ ඇතුළත පරීක්ෂා කිරීම සහ පොලිස් නිලධාරීන් බස් රථවල සියලුම පරික්ෂා කිරීම් කටයුතු ද සිදු කර තිබෙනවා.

READ:   විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ඇමරිකානු ජනපති හමුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්