දේශීය

කෘෂි රැකියාවලට රට ගිහින් එන අයට වගා කරන්න රජයෙන් ඉඩම් – මනූෂ නානායක්කාර

කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශගත වන සියලුම ශ්‍රමිකයින් යලි දිවයිනට පැමිණි පසු කෘෂි ව්‍යවසාකයින් බවට පත්කිරීම උදෙසා ඉඩම් අමාත්‍යාංශය සමග එක්ව අක්කර දෙකක ඉඩමක් ලබාදීමට රජය පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ඊයේ (1) පැවති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

ඒ අනුව විදේශයන් හී කෘෂී කාර්මික ක්ෂේත්‍රයට අදාල රැකියාවල නිරතවූවන් ලබාගත් දැණුම මෙරට ආර්ථිකය සෘජුවම දායක කරගැනීමට මෙම ඉඩම් ලබාදීම සිදුකරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මෙම වැඩසහන මගින් මෙරට කෘෂි කාර්මික ක්ෂේත්‍රය තුල පිබිදීමක් මෙන්ම කෘෂි ක්ෂේත්‍රය අදාල නව ව්‍යවසාකයින් බිහිකිරීමට අවස්ථාවද උදාවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව අදාල ඉඩම් ලබාදීමට ජනාධිපතිවරයාගේ පූර්ණ සහය සහ අවසරය හිමිවී දී ඇති බවත් ඒ අනුව ඊට අදාලව ඉඩම් අමාත්‍යාංශය සමඟද සාකච්ඡා කර ඇති බවද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකාවද දකුණු කොරියාව දියුණු ආර්ථිකයක් බවට පත්වීමට අනුගමනය කළ පියවරයන් ආදර්ශයක් කරගතයුතු බවද පෙන්වා දුන් අමාත්‍යවරයා, එරට විගමනික ශ්‍රමකයින් යලි සිය රටට පැමිණිමෙන් පසුව ව්‍යවාසයකින් බවට පත් වූ ආකාරයෙන්ම මෙරට විගමනික ශ්‍රමයින්ද යලි දිවයිනට පැමිණීමෙන් පසුව ව්‍යවසායකින් බවට පත් කළයුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ව්‍යවාසයයින් බිහිකිරීම මගින් ශ්‍රී ලංකාව නිෂ්පාදන ආර්ථිකයක් කරා ගෙනයන වැඩපිළිවෙලේ කොටස් කරුවෙකු බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයද පත්විය යුතු බවත් එහිදී මෙරට ජනගහනයෙන් සියයට 10ක් ව්‍යවසායකින් බවට පත් කිරීමේ අරමුණ ඇතිව කටයුතු කළයුතු බවද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව මෙම වසර තුලදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩි අවධානයක් මෙරට තුල නව ව්‍යවසායකයින් බිහි කිරීම කෙරෙහි යොමු කළයුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

Recent Posts

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

21 hours ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

1 day ago

2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…

1 day ago

හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…

2 days ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බදු නඩුවෙන් ජය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…

2 days ago

වත්මන් රජය 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා – විපක්ෂ නායක

රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…

2 days ago