දේශීය

කෘෂි රැකියාවලට රට ගිහින් එන අයට වගා කරන්න රජයෙන් ඉඩම් – මනූෂ නානායක්කාර

කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශගත වන සියලුම ශ්‍රමිකයින් යලි දිවයිනට පැමිණි පසු කෘෂි ව්‍යවසාකයින් බවට පත්කිරීම උදෙසා ඉඩම් අමාත්‍යාංශය සමග එක්ව අක්කර දෙකක ඉඩමක් ලබාදීමට රජය පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ඊයේ (1) පැවති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

ඒ අනුව විදේශයන් හී කෘෂී කාර්මික ක්ෂේත්‍රයට අදාල රැකියාවල නිරතවූවන් ලබාගත් දැණුම මෙරට ආර්ථිකය සෘජුවම දායක කරගැනීමට මෙම ඉඩම් ලබාදීම සිදුකරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මෙම වැඩසහන මගින් මෙරට කෘෂි කාර්මික ක්ෂේත්‍රය තුල පිබිදීමක් මෙන්ම කෘෂි ක්ෂේත්‍රය අදාල නව ව්‍යවසාකයින් බිහිකිරීමට අවස්ථාවද උදාවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව අදාල ඉඩම් ලබාදීමට ජනාධිපතිවරයාගේ පූර්ණ සහය සහ අවසරය හිමිවී දී ඇති බවත් ඒ අනුව ඊට අදාලව ඉඩම් අමාත්‍යාංශය සමඟද සාකච්ඡා කර ඇති බවද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකාවද දකුණු කොරියාව දියුණු ආර්ථිකයක් බවට පත්වීමට අනුගමනය කළ පියවරයන් ආදර්ශයක් කරගතයුතු බවද පෙන්වා දුන් අමාත්‍යවරයා, එරට විගමනික ශ්‍රමකයින් යලි සිය රටට පැමිණිමෙන් පසුව ව්‍යවාසයකින් බවට පත් වූ ආකාරයෙන්ම මෙරට විගමනික ශ්‍රමයින්ද යලි දිවයිනට පැමිණීමෙන් පසුව ව්‍යවසායකින් බවට පත් කළයුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ව්‍යවාසයයින් බිහිකිරීම මගින් ශ්‍රී ලංකාව නිෂ්පාදන ආර්ථිකයක් කරා ගෙනයන වැඩපිළිවෙලේ කොටස් කරුවෙකු බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයද පත්විය යුතු බවත් එහිදී මෙරට ජනගහනයෙන් සියයට 10ක් ව්‍යවසායකින් බවට පත් කිරීමේ අරමුණ ඇතිව කටයුතු කළයුතු බවද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව මෙම වසර තුලදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩි අවධානයක් මෙරට තුල නව ව්‍යවසායකයින් බිහි කිරීම කෙරෙහි යොමු කළයුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago