file
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උදාවූ නව වසරට සුබ පැතුම් එක්කර සිටිනවා.
එකිනෙකා සතු වගකීම් ඉට කොට මාතෘ භූමිය යළි ඔසවා තැබීමේ අභියෝගය ජය ගැනීමට නව වසරේ අදිටන් කර ගත යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ එම නිවේදනයේ මෙලෙස සඳහන්…
2024 නව වසරට අප පියනඟන්නේ ශ්‍රී ලංකාව යළි නඟාසිටුවීමේ අභියෝගය හා අපේක්ෂාව හදැතිවයදහසකුත් එකක් පුද්ගලික අපේක්ෂාවන් අප සැම තුළ තිබුණ ද, ඒ සියල්ල සාර්ථක කර ගැනීමට නම් අපගේ මාතෘභූමිය වර්තමානයේ ඇදවැටී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් යළි ඉහළට ඔසවා තැබීම අනිවාර්ය ය. පසුගිය වසර පුරා ඔබ කළ කැපවීම් සහ විඳි දුෂ්කරතා නිසා රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමේ මූලික පදනම සාර්ථක කර ගන්නට අපට හැකි විණි. නමුත් ආර්ථිකය ස්ථාවර කර ගැනීම උදෙසා මේ මඟෙහිම තවත් ඉදිරියට යා යුතු වෙයි. එය මල් ඇතිරූ සුමුදු මඟක් නොවේ. අභියෝගාත්මක දුෂ්කර ගමනකි. මෙහි දී සියලු ලාංකිකයන් වෙත වගකීමක් පැවරෙයි. රට යළි ගොඩනැංවීම වෙනුවෙන් ඉටු කළ යුතු ඒ වගකීම නිසි ලෙස හඳුනා ගැනීම අප සතු කාර්යයකි. ජනවාරි මාසයට නම් තැබුණේ ජේනස් නම් දෙවියකුගේ නමිනි. ජේනස් දෙවිඳුන්ට ඉදිරිය පමණක් නොව පසුපස ද බැලීමට මුහුණු දෙකක් වී ලු.
එහෙයින් අනාගතය දෙස පමණක් නොව අතීතය ද විමසා බලා අපි එකිනෙකාගේ වගකීම් හඳුනා ගනිමු. රට වෙනුවෙන් එම වගකීම් ඉටුකොට අපේ මාතෘභූමිය යළි ඔසවා තැබීමේ අභියෝගය ජය ගන්නට මේ නව වසරේ අදිටන් කර ගනිමු. වගකීමෙන් යුතුව වෙහෙසීමෙන් හා කැපවීමෙන් කටයුතු කරමු. එමඟින් නව වසර සෞභාග්‍යවත් කර ගනිමු.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…