Sunday, May 31, 2026
Homeදේශීයඅයුධ පෙන්වීමට ගිය සැකකරු ගල්කොරියකින් වැටී මරුට

අයුධ පෙන්වීමට ගිය සැකකරු ගල්කොරියකින් වැටී මරුට

අංගොඩ කොටිකාවත්ත මුල්ලේරියාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්තඩංගුවට ගෙන සිටි සැකකරුවකු සඟවා ඇති අයුධ තොගයක් පෙන්වීම සඳහා කඩුවෙල වැයික්කවත්ත පාර ගල් වලක් වෙත පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් රැගෙන ගොස් තිබෙනවා.

එහිදි ආරක්ෂක නිලධාරීන් සමඟ පොර බදා පලා යෑමට උත්සාහ කර ඇති සැකකරු ගල් කොරියෙන් වැටී මිය ගොස් තිබෙනවා. ඇඳ වැටීමෙන් තුවාළ ලබා සිටි සැක කරු අතුරුගිරිය ප්‍රදේශිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගිය බවත් සැකකරු වයස අවුරුදු 34 වයසැති කඩවත ඉහල බියන්විල ප්‍රදේශයේ පදිංචි තුවාන් සිරාර් නැමැති පුද්ගලයෙකු වන බවත් පොලිසිය පවසනවා.

ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලියක නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු වන බවයි වාර්තා වන්නේ.

READ:   කොටස් වෙළෙඳපොළ තාවකාලිකව දින 05ක් වැසේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්