file
මෙරට තුළ දිනකට හරිහැටි එක ආහාර වේලක් හෝ කෑමට පහසුකම් නැති අය මිලියන 08ක් පමණ සිටින බව මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසනවා.
එය මීට මාස කිහිපයකට කලින් හෙලිදරව් වී ඇති බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් එම සංඛ්‍යාව ද අද දෙගුණ වී ඇති බව, සිතිය හැකි බව උන්වහන්සේ පවසනවා.
ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ නත්තල උදාවත් සමග මෙරට ප්‍රධාන දේව මෙහෙය පවත්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.
මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන දේව මෙහෙය පැවැත්වුණේ කටාන හල්පේ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් මුනිදුන්ගේ දේවස්ථානයේදී.
දරිද්‍රතාවය සහ නැතිබැරිකම නිසා පීඩාවට පත් ජනතාව ශ්‍රී ලංකාව තුළ මේ වන විට වැඩි වී ඇති බවයි කාදිනල් හිමියන් පෙන්වා දෙන්නේ.
මෙරට තුළ වෙසෙන බොහෝ දෙනෙක් ජීවත් වන්නේ අනාගතය ගැන සිහින සියල්ල බොඳවුවන් ලෙස බව උන්වහන්සේ පවසනවා.
බදුබර වැඩි වීම විරැකියාව ආදායම් මාර්ග සියල්ල වැසීයාම එදිනෙදා ආහාර සපයා ගැනීමට නොහැකි වීම නිසා දරුවන්ගේ අවශ්‍යතාවන් පිරිමැසීමට බඩගින්නේ සිටින වැඩිහිටියන් බොහෝමයක් සිටින බව කාදිනල් හිමිපාණන් පෙන්වා දෙනවා.
බෙහෙත්හේත් ලබා ගැනීමට නොහැකිව පීඩාවිඳින්නන් පිරිසත් දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා පිරිමසා ගැනීමට නොහැකි පිරිසත් ලබා ගත් ණයතුරුස් ගෙවා ගැනීමට නොහැකි පිරිසත් බොහෝමයක් වන බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ.
මේ අතර දූෂණය පිළබඳව ලෝකයේ පළමු පෙළේ රටවල් අතර අප රට ද සිටීම කණගාටු දායක බව උන්වහන්සේ පවසනවා. දූෂිතයන් රැකගන්නා රජයක් ලැබී ඇති බැවින් මේ රට එයින් නිදහස් වන දිනය බොහෝ ඈත බව උන්වහන්සේ අවධාරණය කර සිටියා.
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…