දේශීය

බොහෝ දෙනෙකු ජීවත් වන්නේ අනාගත සිහින බොඳවූවන් ලෙස: රටේ එක ආහාර වේලක් කන්න නැති ජනතාව මිලියන 08ක් ඉන්නවා – කාදිනල් හිමි

මෙරට තුළ දිනකට හරිහැටි එක ආහාර වේලක් හෝ කෑමට පහසුකම් නැති අය මිලියන 08ක් පමණ සිටින බව මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසනවා.

එය මීට මාස කිහිපයකට කලින් හෙලිදරව් වී ඇති බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් එම සංඛ්‍යාව ද අද දෙගුණ වී ඇති බව, සිතිය හැකි බව උන්වහන්සේ පවසනවා.

ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ නත්තල උදාවත් සමග මෙරට ප්‍රධාන දේව මෙහෙය පවත්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන දේව මෙහෙය පැවැත්වුණේ කටාන හල්පේ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් මුනිදුන්ගේ දේවස්ථානයේදී.

දරිද්‍රතාවය සහ නැතිබැරිකම නිසා පීඩාවට පත් ජනතාව ශ්‍රී ලංකාව තුළ මේ වන විට වැඩි වී ඇති බවයි කාදිනල් හිමියන් පෙන්වා දෙන්නේ.

මෙරට තුළ වෙසෙන බොහෝ දෙනෙක් ජීවත් වන්නේ අනාගතය ගැන සිහින සියල්ල බොඳවුවන් ලෙස බව උන්වහන්සේ පවසනවා.

බදුබර වැඩි වීම විරැකියාව ආදායම් මාර්ග සියල්ල වැසීයාම එදිනෙදා ආහාර සපයා ගැනීමට නොහැකි වීම නිසා දරුවන්ගේ අවශ්‍යතාවන් පිරිමැසීමට බඩගින්නේ සිටින වැඩිහිටියන් බොහෝමයක් සිටින බව කාදිනල් හිමිපාණන් පෙන්වා දෙනවා.

බෙහෙත්හේත් ලබා ගැනීමට නොහැකිව පීඩාවිඳින්නන් පිරිසත් දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා පිරිමසා ගැනීමට නොහැකි පිරිසත් ලබා ගත් ණයතුරුස් ගෙවා ගැනීමට නොහැකි පිරිසත් බොහෝමයක් වන බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ.

මේ අතර දූෂණය පිළබඳව ලෝකයේ පළමු පෙළේ රටවල් අතර අප රට ද සිටීම කණගාටු දායක බව උන්වහන්සේ පවසනවා. දූෂිතයන් රැකගන්නා රජයක් ලැබී ඇති බැවින් මේ රට එයින් නිදහස් වන දිනය බොහෝ ඈත බව උන්වහන්සේ අවධාරණය කර සිටියා.

Recent Posts

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

17 hours ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

21 hours ago

2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…

21 hours ago

හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…

2 days ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බදු නඩුවෙන් ජය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…

2 days ago

වත්මන් රජය 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා – විපක්ෂ නායක

රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…

2 days ago