file
කහවත්ත, වැල්ලදුර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී 71 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට ඇගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 13 වනදා අලුයම ගෙල කපා අදාළ කාන්තාව ඝාතනය කර තිබියදී ඇගේ සිරුර නිවසේ තිබී සොයා ගැණුනා.
මියගිය කාන්තාව සහ දියණිය එම නිවස තුළ පදිංචිව සිට ඇති අතර දියණිය නිවසින් බැහැරව ව ගිය අවස්ථාවක මෙම මරණය සිදුව ඇති බව සඳහන්.
කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් කහවත්ත පොලිසිය සිදුකළ විමර්ශනයට අනුව අදාළ කාන්තාවගේ දියණිය වන 38 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් මේ දක්වා සිදු කළ පොලිස් විමර්ශනයට අනුව එම ඝාතනය සිදුකර ඇත්තේ ඇගේ දියණිය බවට අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
මිට වසර කිහිපයකට පෙර කහවත්ත ප්‍රදේශ ගණනාවකින් අභිරහස් ඝාතන රැල්ලක් වාර්තා වූ අතර එහිදී වයස් ගත කාන්තාවන් කිහිපදෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කර ඇති බව එවකට වාර්තා වුණා.
මේ හේතුවෙන් යළිත් වරක් කහවත්ත, වැල්ලදුර ප්‍රද්ශය තුළ සිදුවූ මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු ව තිබුණා.
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…