file
කහවත්ත, වැල්ලදුර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී 71 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට ඇගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 13 වනදා අලුයම ගෙල කපා අදාළ කාන්තාව ඝාතනය කර තිබියදී ඇගේ සිරුර නිවසේ තිබී සොයා ගැණුනා.
මියගිය කාන්තාව සහ දියණිය එම නිවස තුළ පදිංචිව සිට ඇති අතර දියණිය නිවසින් බැහැරව ව ගිය අවස්ථාවක මෙම මරණය සිදුව ඇති බව සඳහන්.
කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් කහවත්ත පොලිසිය සිදුකළ විමර්ශනයට අනුව අදාළ කාන්තාවගේ දියණිය වන 38 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් මේ දක්වා සිදු කළ පොලිස් විමර්ශනයට අනුව එම ඝාතනය සිදුකර ඇත්තේ ඇගේ දියණිය බවට අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
මිට වසර කිහිපයකට පෙර කහවත්ත ප්‍රදේශ ගණනාවකින් අභිරහස් ඝාතන රැල්ලක් වාර්තා වූ අතර එහිදී වයස් ගත කාන්තාවන් කිහිපදෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කර ඇති බව එවකට වාර්තා වුණා.
මේ හේතුවෙන් යළිත් වරක් කහවත්ත, වැල්ලදුර ප්‍රද්ශය තුළ සිදුවූ මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු ව තිබුණා.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…