Friday, July 10, 2026
Homeදේශීයනව වන සංරක්ෂක ජනරාල්වරයා පත් කෙරේ.

නව වන සංරක්ෂක ජනරාල්වරයා පත් කෙරේ.

වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වන සංරක්‍ෂක ජනරාල් ධූරයට ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඊ.ඒ.පී.නිශාන්ත එදිරිසිංහ මහතා අද දින(12) වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්‍නිආරච්චි මහත්මිය විසින් පත් කර තිබෙනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාවේදී ගෞරව උපාධියක් ලබාගත් ඔහු ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ සහකාර වන සංරක්‍ෂකවරයෙකු ලෙස වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සේවයට බැඳී ඇත්තේ 1996 වසරේදී.

ඒ මහතා දිවයිනේ විවිධ පලාත්වල දිසා වන නිලධාරීවරයෙකු ලෙස ද, ශ්‍රී ලංකා වන විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ලෙස ද, කලාප නියෝජ්‍ය වන සංරක්‍ෂකවරයෙකු ලෙස ද, ජෛව විවිධත්ව හා ජලාධාර සංරක්‍ෂණ අංශයේ වන සංරක්‍ෂකවරයා ලෙස ද අතිරේක වන සංරක්‍ෂක ජනරාල් (වන ආරක්‍ෂණ, මෙහෙයුම් හා කළමනාකරණ) ලෙස ද රාජකාරී කර වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යයන් පිළිබඳව මනා පපුරුද්දක් ලබා ඇති බව සඳහන්.

READ:   මුස්ලිම් නීතිය ගැන වොයිස්කට් දිදී ජාතීන් විරසක කිරීම හොඳ නැහැ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්