Friday, August 14, 2026
Homeදේශීයරජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුවට ගැනීමට නියෝග

රජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුවට ගැනීමට නියෝග

අභියාචනා අධිකරණය හමුවේ අද (13) පෙනී නොසිටීමේ චෝදනාව මත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සනත් නිශාන්ත අමාත්‍යවරයා විසින් අධිකරණයට අපහාසවන ආකාරයට ප්‍රකාශයන් සිදු කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සම් විභාගය සඳහා අවශ්‍ය කරුණු දක්වන්න යැයි අභියාචනාධිකරණය විසින් අමාත්‍යවරයාට නියෝග කර තිබුණා.

එහෙත් අමාත්‍යවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, අමාත්‍යවරයා වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලිස්පතිවරයාට අභියාචනාධිකරණය විසින් නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

READ:   BREAKING NEWS: මොණරාගල භූ කම්පනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්