Tuesday, April 21, 2026
Homeදේශීය2023 වසර තුළ හිංසනයට සහ ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූ කාන්තාවන් පිරිස විසි දහස ඉක්මවයි

2023 වසර තුළ හිංසනයට සහ ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූ කාන්තාවන් පිරිස විසි දහස ඉක්මවයි

කාන්තාවන්ට එරෙහි ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය (SGBV) විසඳීම සඳහා වූ බහු ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කරමින් එහි අන්තර්ගතයන් පිළිබඳ සාකඡාකිරීම සඳහා විශේෂ වැඩමුළුවක් 2023.12.08 වන දින කොළඹ දී පැවැත්වුණා.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය සහ ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

file

නිවස තුළ කාන්තාවන්ට සිදුවන ප්‍රචණ්ඩත්වය වළක්වා ගැනීම මෙන්ම රැකියා ස්ථානය තුළ කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන හිංසන වළක්වා ගැනීමට මෙම සැළසුම් ඔස්සේ ප්‍රයෝගිකවම ක්‍රියාත්මක වියයුතු බව මෙහිදී අදහස් දක්වමින් එම මන්ත්‍රීවරියන් පැවසුවා.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වෛද්‍ය නෙතාංජලී මාපිටිගම මහත්මිය ගර්භණි කාලය තුළ මෙරට කාන්තාවන් සැලකිය යුතු පිරිසක් හිංසනයන්ට ලක්වන බව පෙන්වා දුන්නා.

file

මෙම වසර තුල දැනට විවිධ හිංසනයන්ට සහ ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූ කාන්තාවන් පිරිස විසි දහස ඉක්මවන බව සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරමින් ඇය වැඩි දුරටත් පැවසුවා.

file
file
file
READ:   අනුර එක්ක විවාදයට සජිත් නාව හේතුව සජබය කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්