දේශීය

පොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරු

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙකුට මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.

ඒ අනුව රත්නපුර දිසාව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී. කරුණාරත්න මහතා ඌව පළාතටත්, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්. විජේසිංහ මහතා කේෂේත්‍ර බළකා මූලස්ථානයටත් ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

කේෂේත්‍ර බළකා මූලස්ථාන දිසාව භාරව සිටි ඩී.පී. චන්ද්‍රසිරි මහතා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් බඳවා ගැනීම් හා පුහුණු දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් හේමසිරි මහතා විශේෂ ආරක්ෂක දිසාව භාරවත් නාවික හා සංචාරක දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති පී.සී.වෙදමුල්ල මහතා කුරුණෑගල දිසාව භාරවත් පත්කර ඇති බව වාර්තා වෙනවා.

මේ අතර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද ඇතුළුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු රැසකට ද ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව සඳහන් වෙනවා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago