Thursday, July 16, 2026
Homeදේශීයපොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරු

පොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරු

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙකුට මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.

ඒ අනුව රත්නපුර දිසාව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී. කරුණාරත්න මහතා ඌව පළාතටත්, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්. විජේසිංහ මහතා කේෂේත්‍ර බළකා මූලස්ථානයටත් ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

කේෂේත්‍ර බළකා මූලස්ථාන දිසාව භාරව සිටි ඩී.පී. චන්ද්‍රසිරි මහතා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් බඳවා ගැනීම් හා පුහුණු දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් හේමසිරි මහතා විශේෂ ආරක්ෂක දිසාව භාරවත් නාවික හා සංචාරක දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති පී.සී.වෙදමුල්ල මහතා කුරුණෑගල දිසාව භාරවත් පත්කර ඇති බව වාර්තා වෙනවා.

මේ අතර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද ඇතුළුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු රැසකට ද ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව සඳහන් වෙනවා.

READ:   අයුධ පෙන්වීමට ගිය සැකකරු ගල්කොරියකින් වැටී මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්