Thursday, May 14, 2026
Homeදේශීයවාහන 3ක් ගැටී ඇඹිලිපිටියේ බිහිසුණු අනතුරක්..

වාහන 3ක් ගැටී ඇඹිලිපිටියේ බිහිසුණු අනතුරක්..

අැඹිලිපිටි⁣ය – රත්නපුර ප්‍රධාන මාර්ගයේදී අද(15) කැබ් රථයක්, වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් බරපතළ රිය අනතුරක් සිදුව තිබෙනවා.

අැඹිලිපිටි⁣ය දෙස සිට රත්නපුර දෙසට ධාවනය කළ කැබ් රථයක් එක්වරම මාර්ගය හරහා හැරවීමට උත්සාහ කිරීමේදී රත්නපුර දෙස සිට පැමිණි වෑන් රථයක ගැටී තිබෙන බව පොලීසිය පවසනවා.

පොලීසිය සඳහන් කළේ, අනතුරින් වෑන් රථය මාර්ගයෙන් ඉවතට විසි වී ගොස් ඇති බවයි.

එම අවස්ථාවේදී රත්නපුර දෙස සිට පැමිණි යතුරුපැදියක් ද එහි ගැටී තිබෙනවා.

අනතුරින් වෑන් රථයේ රියැදුරු, එහි ගමන් කළ පිරිසක් සහ යතුරුපැදිකරු ඇතුළු 15 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල තබා තිබෙන බව පොලීසිය පවසනවා.

ඔවුන් ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරින් පසු කැබ් රථයේ රියැදුරු පලාගොස් ඇති බව පොලීසිය පවසනවා.

ඔහු සොයා ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.

READ:   හදිසියේ කටුනායකට ගොඩබැස්ස වූ ශ්‍රීලංකන් යානය යළි ගුවන්ගත කෙරේ..
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්