Categories: දේශීය

බීමත් චණ්ඩි ආරණ්‍යවාසී හිමිවරුන් පිරිසකට පහර දීලා

ගලෙන්බිඳුණුවැව වාර්තාකරු විසිනි – ඊයේ සවස හොරොව්පොතාන පොලිස් වසමේ දියතිත්තවැව නන්දමිත්‍ර ආරන්‍ය සේනාසනහි එහි වැඩ වාසය කරමින්සිටි පුජ්‍ය නන්දාලංකාර, අන්ගන්ගොඩ පංඥාවංස යන හිමිවරුන්ට හා ආරන්‍ය සේනාසනහි සිටි රියදුරු ලෙස කටයුතුකල හල්වලගමගේ ලිහිනි ගව්තම් යන අයට බීමතින් පැමිණි පිරසක විසින් ස්වාමින්වාහන්සේලා වැඩ වාසය කරණු ලබන දියතිත්තවැව නන්දමිත්‍ර ආරන්‍ය සේනාසනයට පැමින පහරදුන් බව පවසා එම සෙනසුනේ වැඩවාසය කරණු ලබන හිමිනමක වන පඤ්ඤාවංස හිමියන් විසින් හොරොව්පොතාන පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර පසුව පහරකෑ හිමිවරුන් හා රියදුරු හොරොව්පතාන රෝහලට ඇතුලත්ව ප්‍රථිකාර ලබමින් සිටින බව හොරොව්පොතාන පොලිසිය පවසයි.

බීමත්ව සිටි පිරිසක් තම විහරස්ථානයට පැමිණි ඇති අතර එයට විරෝධය පෑමට යාමේදී අධික ලෙස මත්පැන් පානය කර සිටි පිරිස ස්වාමිවාහන්සේලා දෙනමකට හා විහාරස්ථානයේ රියදුරුට පහර දුන් බව නන්දමිත්‍ර ආරන්‍ය සේනාසනහි වැඩවාසය කොට පහරකෑමට ලක්ව හොරොව්පොතනාන රෝහලේ දැනට නෙවාසික ප්‍රතිකාර ලබන නායක ස්වාමින් වහන්සේ අප කල විමසීමකදී සදහන් කලේය.

සැකකරුවන් තිදෙනෙකු පොලිසිය හදුනාගෙන ඇති බවත් සැකකරුවන් තිදෙදෙනාගෙන් දෙදොනකු හිමි වරුන් පහරදුන් බව පවසමින් හොරොව්පතාන රෝහලට ඇතුලත්ව ප්‍රථිකාර ලබන බවත් එක් සැකකරුවකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් අප කල විමසීමකදී හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරය සදහන් කලේය.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago