ක්‍රීඩා

ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ඉන්දියාව ලෝක කුසලානයේ දුක තුනී කළ විදිහ

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර විස්සයි විස්ස තරගාවලිය ඉන්දියාවේ විශාකාපට්නම්හිදී ආරම්භ වුණා.

එහි පළමු තරගය කඩුලු 2කින් ජය ගැනීමට සත්කාරක ඉන්දියාව සමත් වුණා.

පළමුම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 208ක් රැස් කළා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ Josh Inglis පන්දු 50 කින් ලකුණු 110ක් ලබා ගත්තා.

ඊට හතරේ පහර 11ක් සහ දැවැන්ත හයේ පහර 8ක් ඇතුළත් වුණා.

Steve Smith ලකුණු 51 (41) යි.

ජයග්‍රාහණය සඳහා ලකුණු 209ක ඉලක්කයක් හබා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 8කූ දැවී එම ඉලක්කය පසුකර ගියා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා ඉන්දීය නායක කළ Suryakumar Yadav පන්දු 42කින් ලකුණු 80ක් රැස් කළා.

ඊට හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් ඇතුළත්.

Ishan Kishan ලකුණු 58 (39) යි.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

21 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago