Thursday, September 10, 2026
Homeක්‍රීඩාඕස්ට්‍රේලියාව පරාජය කරමින් ඉන්දියාව ලෝක කුසලානයේ දුක තුනී කළ විදිහ

ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ඉන්දියාව ලෝක කුසලානයේ දුක තුනී කළ විදිහ

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර විස්සයි විස්ස තරගාවලිය ඉන්දියාවේ විශාකාපට්නම්හිදී ආරම්භ වුණා.

එහි පළමු තරගය කඩුලු 2කින් ජය ගැනීමට සත්කාරක ඉන්දියාව සමත් වුණා.

පළමුම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 208ක් රැස් කළා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ Josh Inglis පන්දු 50 කින් ලකුණු 110ක් ලබා ගත්තා.

ඊට හතරේ පහර 11ක් සහ දැවැන්ත හයේ පහර 8ක් ඇතුළත් වුණා.

Steve Smith ලකුණු 51 (41) යි.

ජයග්‍රාහණය සඳහා ලකුණු 209ක ඉලක්කයක් හබා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 8කූ දැවී එම ඉලක්කය පසුකර ගියා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා ඉන්දීය නායක කළ Suryakumar Yadav පන්දු 42කින් ලකුණු 80ක් රැස් කළා.

ඊට හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් ඇතුළත්.

Ishan Kishan ලකුණු 58 (39) යි.

READ:   ඉතිහාසය වෙනස් කරමින් සිංහ කෙල්ලන් ඓතිහාසික ජයක් ලබයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්