දේශීය

හමුදාව බෙදීමේ කුමන්ත්‍රණයක්ලු – මේජර් සුදර්ශන දෙනිපිටිය

හමුදාවේ වරප්‍රසාද ගැන කතා කරමින් සෙසු නිලයක් සහ හමුදාවේ නිලධාරීන් අතර බෙදීමක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව මේජර් සුදර්ශන දෙණිපිටිය මහතා පවසනවා.

ජවිපෙ ඇතුළු විපක්ෂයේ නායකයන් පාර්ලිමේන්තුවේ කතා කරන දේවලින් එය හැගී යන බවයි ඔහු ප්‍රකාශ කළේ.

එය හොඳ දෙයක් නොවන බවත් එය කරගෙන ගියොත් රටේ ආරක්ෂාවට සිටින රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය බිඳවැටී අනාගතේ විශාල බලපෑමක් සිදුවිය හැකි බව ඔහු අවධාරණය කර සිටිනවා.

යුද්ධයේ සිටි දක්ශ රණවිරුවන් පාර්ලිමේන්තුවේ කාරක සභාවලට ගෙන එමින් ඔවුන් හැල්ලුවට ලක් කරන බවත් ඔහු පෙන්වා දෙනවා.

දෙන දේ අරන් නිශ්ශබ්දව සිටින රණවිරුවන්න්ට අපහාස කරමින් ඔවුන්ගේ මනස බිඳ වැට්වවීමට පිරිසක් කටයුතු කරන බවත් ඔවුන් හමුදාවට ම පහර දෙන බවත් දෙණිපිටිය මහතා සඳහන් කරනවා.

අද (23) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

Recent Posts

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

21 hours ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

21 hours ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

6 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

6 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago