Saturday, May 30, 2026
Homeදේශීයහමුදාව බෙදීමේ කුමන්ත්‍රණයක්ලු - මේජර් සුදර්ශන දෙනිපිටිය

හමුදාව බෙදීමේ කුමන්ත්‍රණයක්ලු – මේජර් සුදර්ශන දෙනිපිටිය

හමුදාවේ වරප්‍රසාද ගැන කතා කරමින් සෙසු නිලයක් සහ හමුදාවේ නිලධාරීන් අතර බෙදීමක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව මේජර් සුදර්ශන දෙණිපිටිය මහතා පවසනවා.

ජවිපෙ ඇතුළු විපක්ෂයේ නායකයන් පාර්ලිමේන්තුවේ කතා කරන දේවලින් එය හැගී යන බවයි ඔහු ප්‍රකාශ කළේ.

එය හොඳ දෙයක් නොවන බවත් එය කරගෙන ගියොත් රටේ ආරක්ෂාවට සිටින රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය බිඳවැටී අනාගතේ විශාල බලපෑමක් සිදුවිය හැකි බව ඔහු අවධාරණය කර සිටිනවා.

යුද්ධයේ සිටි දක්ශ රණවිරුවන් පාර්ලිමේන්තුවේ කාරක සභාවලට ගෙන එමින් ඔවුන් හැල්ලුවට ලක් කරන බවත් ඔහු පෙන්වා දෙනවා.

දෙන දේ අරන් නිශ්ශබ්දව සිටින රණවිරුවන්න්ට අපහාස කරමින් ඔවුන්ගේ මනස බිඳ වැට්වවීමට පිරිසක් කටයුතු කරන බවත් ඔවුන් හමුදාවට ම පහර දෙන බවත් දෙණිපිටිය මහතා සඳහන් කරනවා.

අද (23) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

READ:   උසස් අධ්‍යාපනයේ සුදුසුකම් සහ අක්තපත්‍ර පිළිගැන්වීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් මෙරට දී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්