Tuesday, September 8, 2026
Homeදේශීයවිදුහල්පති පොලිතින් කවලා සිසුන් දෙදෙනෙක් රෝහලේ

විදුහල්පති පොලිතින් කවලා සිසුන් දෙදෙනෙක් රෝහලේ

විදුහල්පතිවරයකු විසින් දඬුවමක් ලෙස සිසුන්ට පොලිතින් සහ පත්තර කැවීමෙන් රෝගී වූ සිසුන් දෙදෙනෙක් රෝහල් ගත කළ පුවතක් වාර්තා වෙනවා.

සිසුන් පොලිතින්වල ඔතා කෑම රැගෙන ඒම හේතුවෙන් නාවලපිටිය, රඹුක්පිටිය මධ්‍යමහා විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් මෙම දඬුවම ලබා දී ඇති බව වාර්තා වෙනවා.

පත්තර සහ පොලිතින් සපා කෑමෙන් අසනීප වූ සිසුන් දෙදෙනා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිසුන් දෙදෙනාට, උදරයේ අමාරුව, වමනය සහ උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ ඇතිව ඇති බවයි දරුවන්ගේ දෙමාපියන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

READ:   රේල් බස් රථයක් ගසක ගැටීමෙන් උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්