Friday, July 24, 2026
Homeදේශීය40,000ක ගුරු හිඟය අසත්‍යයක්: ගුරුවරුන් ස්ථානගත කිරීමට කඩිනම් පියවර - අධ්‍යාපන ඇමති

40,000ක ගුරු හිඟය අසත්‍යයක්: ගුරුවරුන් ස්ථානගත කිරීමට කඩිනම් පියවර – අධ්‍යාපන ඇමති

දිවයිනේ පාසල් තුළ 40,000ක පමණ ගුරු ගිඟයක් පවතින බව කීම අතිශෝක්තියක් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

243000ක් වන සමස්ත ගුරුවරුන් සංඛ්‍යාවෙන් ගුරුවරුන් 40,000ක් අඩුයි නම් අධ්‍යාපනය නොකෙරෙන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ගුරු වර්ගය අනුව ගුරුවරුන් ස්ථාන ගත කර නොතිබීමේ ගැටලුවක් පැවතීම සත්‍යයක් බව ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව ගුරුවරුන් ස්ථාන ගත නොකිරීමේ සහ පාසල් ව්‍යුහගත නොවීමේ ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබා දෙන බව පාර්ලිමේන්තුවේ නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවා.

READ:   අතරමන් වූ විශ්ව විද්‍යාල සිසුන් බේරා ගනී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්