Thursday, April 23, 2026
Homeක්‍රීඩාBREAKING NEWS: ශ්‍රී ලංකා ක්‍රිකට් උඩුයටිකුරු කරමින් අයි.සී.සී ගිය ලිපය පළමු වරට මාධ්‍යට 

BREAKING NEWS: ශ්‍රී ලංකා ක්‍රිකට් උඩුයටිකුරු කරමින් අයි.සී.සී ගිය ලිපය පළමු වරට මාධ්‍යට 

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලිපියක් යවා ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

දෙවන ලිපිය ලෙස එම ලිපිය 7 වනදා දිනැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඉදිරිපත් කර තිබෙනවා.

6 වනදා දිනැතිව සහ 7 වනදා දිනැතිව මෙම ලිපි යොමු කර ඇති අතර ක්‍රිකට් යහ පාලනය සඳහා ඉඩනොදෙන බව පවසා ජාත්‍යන්තර කවුන්සිලයට 6 වනදා දිනැති ලිපිය යොමු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා. 

ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නොමඟ යවා ඇති බව එම ලිපිය මාධ්‍යට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර දේශද්‍රෝහී ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පවා දී ඇති ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, 7 වන දා අයි.සී.සී යට යොමු කළ ලිපිය බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මෙරට නීතියට ද පටහැනි ලෙස එම ලිපිය ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.

READ:   BREAKING NEWS: බිලියන 2.4ක වන්දියක් ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ඇමතිට අපහාස නඩුවක් ගොනු කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්