දේශීය

වේරගොඩ දැරියගේ මරණයෙන් පසු අවදානම හොයන්න කරලියට එන කමිටුවලට ගුරු සංගමයේ ලේකම් ස්ටාලින්ගෙන් දොස්මුරයක්

දිවයින පුරා පසල්වල අබලන් ගොඩනැගිලි සහ පරිශ්‍ර ගැන කඩිනම් පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට දැනුම්දී තිබෙනවා.

සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරන පාසල් පරිසරයක් සෑම පරිසරයකම ඇතිකළ යුතු බවයි එම අමාත්‍යාංශය දැනුම්දෙන්නේ.

ඒ ජලකරාම සවි කළ අනාරක්ෂිත කොන්ක්‍රීට් තාප්පයක් කඩා වැටීමෙන් වැල්ලම්පිටිය වේරගොඩ විද්‍යාලයේ සිසුවියක් මියයාම ගැන සමාජයේ දැඩි කතාබහක් ඇතිවූ වටපිටාවක යි.

යම් සිද්ධියක් වූ පසු කමිටු පත්කරන බවත් පසුව ඒ කමිටුවලට සිදුවූ දෙයක් සොයා ගැනීමට නොහැකි බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා චෝදනා කර සිටිනවා.

මේ අතර සිසුන්ගේ ජීවිත අවධානමට ලක්ව ඇති තවත් පාසල් සම්බන්ධයෙන් ඔහු අනාවරණය කර සිටියා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago