Sunday, April 19, 2026
Homeදේශීයවේරගොඩ දැරියගේ මරණයෙන් පසු අවදානම හොයන්න කරලියට එන කමිටුවලට ගුරු සංගමයේ ලේකම්...

වේරගොඩ දැරියගේ මරණයෙන් පසු අවදානම හොයන්න කරලියට එන කමිටුවලට ගුරු සංගමයේ ලේකම් ස්ටාලින්ගෙන් දොස්මුරයක්

දිවයින පුරා පසල්වල අබලන් ගොඩනැගිලි සහ පරිශ්‍ර ගැන කඩිනම් පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට දැනුම්දී තිබෙනවා.

සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරන පාසල් පරිසරයක් සෑම පරිසරයකම ඇතිකළ යුතු බවයි එම අමාත්‍යාංශය දැනුම්දෙන්නේ.

ඒ ජලකරාම සවි කළ අනාරක්ෂිත කොන්ක්‍රීට් තාප්පයක් කඩා වැටීමෙන් වැල්ලම්පිටිය වේරගොඩ විද්‍යාලයේ සිසුවියක් මියයාම ගැන සමාජයේ දැඩි කතාබහක් ඇතිවූ වටපිටාවක යි.

යම් සිද්ධියක් වූ පසු කමිටු පත්කරන බවත් පසුව ඒ කමිටුවලට සිදුවූ දෙයක් සොයා ගැනීමට නොහැකි බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා චෝදනා කර සිටිනවා.

මේ අතර සිසුන්ගේ ජීවිත අවධානමට ලක්ව ඇති තවත් පාසල් සම්බන්ධයෙන් ඔහු අනාවරණය කර සිටියා.

READ:   අතුරුගිරියේ වෙඩික්කරුවන් පළා යෑමට භාවිත කළ බව කියන වෑන් රථය හමුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්