file
2024 වර්ෂය සඳහා වන රජයේ අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ අනුව අද දහවල් 12ට ජනාධිපතිවරයාගේ අයවැය කතාව සිදුකරනවා.
අයවැයට අදාළ මූලික කෙටුම්පත ඉකුත් ඔක්තෝබර් 5 වනදා පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කෙරුණා.
එහි ලබන වසරේ රජයේ වියදම රුපියල් බිලියන 3860 ලෙස දක්වා තිබෙනවා.
ඒ අනුව එම වියදම සපුරා ගන්නා අකාරය පිළිබඳව ආණ්ඩුවේ යෝජනාවලිය අද පාර්ලිමේන්තුට ඉදිරිපත් කිරිමට නියමිතයි.
මේ අතර මෙවර අයවැයෙන් රජයේ සේවක වැටුප් වැඩිකිරීමක් සිදුවන බව මේ වන විටත් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මෙවර ඉදිරිපත් කෙරෙන්නේ 78 වන අයවැය වන අතර එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයට පත්වීමෙන් ඉදිරිපත් කෙරෙන දෙවන අයවැය යි.
අයවැය දෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 14 වනදා සිට ලබන 21 වනදා දක්වා පැවැත්වෙන අතර එහි දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ද 21 වනදා පැවැත්වීමට නියමිතයි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…