Sunday, June 14, 2026
Homeදේශීය2024 අයවැය අද පාර්ලිමේන්තුවට

2024 අයවැය අද පාර්ලිමේන්තුවට

2024 වර්ෂය සඳහා වන රජයේ අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව අද දහවල් 12ට ජනාධිපතිවරයාගේ අයවැය කතාව සිදුකරනවා.

අයවැයට අදාළ මූලික කෙටුම්පත ඉකුත් ඔක්තෝබර් 5 වනදා පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කෙරුණා.

එහි ලබන වසරේ රජයේ වියදම රුපියල් බිලියන 3860 ලෙස දක්වා තිබෙනවා.

ඒ අනුව එම වියදම සපුරා ගන්නා අකාරය පිළිබඳව ආණ්ඩුවේ යෝජනාවලිය අද පාර්ලිමේන්තුට ඉදිරිපත් කිරිමට නියමිතයි.

මේ අතර මෙවර අයවැයෙන් රජයේ සේවක වැටුප් වැඩිකිරීමක් සිදුවන බව මේ වන විටත් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙවර ඉදිරිපත් කෙරෙන්නේ 78 වන අයවැය වන අතර එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයට පත්වීමෙන් ඉදිරිපත් කෙරෙන දෙවන අයවැය යි.

අයවැය දෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 14 වනදා සිට ලබන 21 වනදා දක්වා පැවැත්වෙන අතර එහි දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ද 21 වනදා පැවැත්වීමට නියමිතයි.

READ:   වැට් බද්ද වැඩි කිරීම අපිට ප්‍රශ්නයක් - තිස්ස අත්තනායක
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්