Thursday, September 10, 2026
Homeදේශීයරාජ්‍ය සේවය අද දීපව්‍යාප්ත විරෝධතාවක

රාජ්‍ය සේවය අද දීපව්‍යාප්ත විරෝධතාවක

රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් අද දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධාන කර තිබෙනවා.

ඒ මෙවර අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලමින්.

ඒ අනුව ඔවුන් අද දහවල් කෑම පැයේදී විරෝධතාවයේ නිරත වීමට නියමිතයි.

කෘෂිකර්ම, ග්‍රාමනිලධාරී, සමෘද්ධි නිලධාරී, සංවර්ධන නිලධාරී, පළාත් රාජ්‍ය සේවා ඇතුළු සේවා රැසක වෘත්තීය සමිති මෙම විරෝධතාවට සම්බන්ධ වන බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව විසින් මෙම විරෝධතා සංවිධානය කර තිබෙනවා.

READ:   විරෝධතා පා ගමන් වළක්වමින් අධිකරණයෙන් නියෝගයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්