Friday, June 5, 2026
Homeක්‍රීඩාඇෆ්ගනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාව අද තරග බිමට

ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාව අද තරග බිමට

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 30 වන තරගය අද (30) ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙනවා.

ඒ ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 02ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට කණ්ඩායම් දෙකටම අද තරගය ජය ගැනීම අතිශය වැදගත් වෙනවා.

සහභාගී වූ තරග 5න් 2ක් ජය ගනිමින් ශ්‍රී ලංකාව ලකුණු සටහනේ 5වන ස්ථානයේ රැදී සිටින අතර 7වන ස්ථානයේ රැදී සිටින්නේ ඇෆ්ගනිස්ථානය යි.

මේ අතර අබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර වෙනුවට දුශ්මන්ත චමීර සංචිතයට ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල තාක්ෂණය කමිටුවේ අනුමැතිය හිමි ව තිබෙනවා.

ඒ අනුව අබාධයට ලක්වූ ලහිරු කුමාර වෙනුවට දුශ්මන්ත චමීර ආදේශ කිරීමට හැකියාව පවතිනවා.

READ:   යසෝධරාවත ලිවිය හැක්කේ කාන්තාවකටම පමණයි - සභාවක් සංවේදී කළ රත්නශ්‍රී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්