දේශීය

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ගැන ඉඟියක්!

ඉදිරි අයවැය මගින් සහන සැලසිය යුතු ප්‍රධාන පාර්ශ්ව අතර රාජ්‍ය සේවකයන් ද සිටින බව වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් කෙරෙහි රජය ඉතා අවධානයෙන් පසුවන බවයි.

රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඇතුළත් සංදේශයක් වැඩ බලන මුදල් අමාත්‍යවරයා වෙත ලබා දීම සඳහා රාජ්‍ය සහ පළාත් කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය මුදල් අමාත්‍යාංශය වෙත පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා.

එහි දී සියඹලාපිටිය මහතා කියා සිටියේ ඉදිරිය අයවැය මගින් අවධානය යොමු විය යුතු පාර්ශ්වය අතර රජයේ ආධාර ලැබිය යුතු පිරිස, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ රාජ්‍ය සේවයකයන් ප්‍රමුඛස්ථානයේ සිටින බවයි.

මීට පෙර සමාජ සුබ සාධනය වෙනුවෙන් වැය කළ රුපියල් බිලියන 65ක පමණ මුදල් අස්වැසුම සුබසාධන වැඩසටහන යටතේ රුපියල් බිලියන 200 දක්වා ඉහළ නංවා ඇති බවත් අමාත්‍යවරයා පැවසුවා.

රාජ්‍ය සේවයකයන් ඇතුළු මාසික ස්ථිර ආදායමක් ලබා ගන්නා කණ්ඩායම් මුහුණ දෙන අර්බධය සඳහා කෙටි කාලීන විසඳුමකට වඩා දිගු කාලීන විසඳුමක් කෙරෙහි රජය විශ්වාස කරන බව සඳහන් කළ සියඹලාපිටිය මහතා කියා සිටියේ ඉදිරිය අයවැය මගින් ඊට පදනම සකස් වන බවයි.

2022 වසරේ දී මාසික රාජ්‍ය සේවක වැටුප් බිල ගෙවා දැමීම පිළිබඳ ගැටලු ඇති වූ ආකාරය පෙන්වා පෙන්වා දෙන අමාත්‍යවරයා මේ වන විට රටේ ආර්ථිකය ඊට සාපේක්ෂව ස්ථාවරත්වයකට අවතීර්ණ වී ඇති බව සඳහන් කළා.

Recent Posts

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

20 hours ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

20 hours ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

6 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

6 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago