දේශීය

ලයිෆ් ට්‍රැවලර් නාලිකාව වෙත පනවා තිබූ වාරණය ඉවත් කෙරේ

වංචා සහගත මූල්‍ය ආයතනවල අයථා ක්‍රියා සහ වංචා පිළිබඳ පැමිණිලි දිනෙන් දින ඉහළ යන අතර කලකට ඉහත තිලිණි ප්‍රියමාලි සම්බන්ධ මූල්‍ය ආයතනයක කටයුතු ද රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කළා.

එම සමයේදී “ද ලයිෆ් ට්‍රැවලර්” නාළිකාව මූල්‍ය අයථා ක්‍රියාවන් පිළිබඳව වැඩසටහනක් විකාශය කළා.

ඒ, මූල්‍ය ගණුදෙනුවක් සඳහා පුද්ගලයෙකු පොළඹවා ගැනීම සඳහා කරන උත්සහයක් පිළිබඳව දුරකථන සංවාදයක හඬපටයක්ද සමඟයි.

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් සිටින බව කී කෝප්‍රස් නමැති සමාගමක් එම වැඩසටහන අළලා ලයිෆ් ට්‍රැවලර් ආයතනයට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කළා.

ඒ අදාළ වැඩසටහනෙන් සිය සමාගමට අගතියක් වූ බව පවසමින්.

එහිදී ලයිෆ් ට්‍රැවලර් වෙත වාරණ නියෝගයක් පැනවුණ අතර ඒ අනුව එම ආයතනයේ නම සඳහන් කරමින් (Copreus) කිසිදු ප්‍රවෘත්තියක් හෝ වාර්තාවක් ජනතාව වෙත ගෙන ඒම ලයිෆ් ට්‍රැවලර් ආයතනය වෙත තහනම් වුණා.

අදාළ සමාගම නඩුව ගොනු කර තිබුණේ “ද ලයිෆ් ට්‍රැවලර්” නාළිකාවේ හිමිකරු වන මනෝජ් රත්නායකට සහ අදාළ හෙළිදරව්ව අඩංගු හඬපටය සහිත වැඩසටහන ඉදිරිපත් කළ මාධ්‍යවේදී ධනංජය නාරංබැද්දට එරෙහිවයි.

එම මූල්‍ය සමාගමට අපහසයක් හා අපකීර්තියක් වන අසත්‍ය හා ද්වේෂ සහගත කරුණු ප‍්‍රචාරය නොකළ යුතු බවට ලයිෆ් ට්‍රැවලර් නාළිකාවට හා එහි ෆේස්බුක් පිටුවට වාරණ නියෝගයක් පැණවුණේ ඒ අනුවයි.

කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ලෙස ඒ මොහොතේදී පූර්ණිමා පරණගම විනිසුරුවරිය මෙම නියෝගය නිකුත් කර තිබුණා.

අධිකරණය ගිය වර නඩු විභාගයේදී තීන්දු කර තිබුණේ “ද ලයිෆ් ට්‍රැවලර්” වෙත පනවා තිබූ එම වාරණ නියෝගය ඉවත් කිරීමටයි

මෙම නඩුවේදී ද ලයිෆ් ට්‍රැවලර් වෙනුවෙන් පෙනී සිටින්නේ ජනාධිපති නීතීඥ ජගත් වික්‍රමනායක සහ මාධ්‍ය නීිති සංසදය වෙනුවෙන් නීතීඥ ප්‍ර⁣බෝධ රත්නායකයි.

ජනාධිපති නීතීඥ ජගත් වික්‍රමනායක
නීතීඥ ප්‍ර⁣බෝධ රත්නායක

යූ ටියුබ් නාළිකාවට හා ෆේස් බුක් පිටුවට නිකුත් කර තිබූ වාරණ නියෝගය අනුව ගත වූ මාස කිහිපයක කාලයක් තුළ අදාළ සමාගම පිළිබඳව කරුණු විකාශය කිරීම ගැටලුවක් වී තිබුණා.

Recent Posts

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

7 hours ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

7 hours ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago