දේශීය

ලයිෆ් ට්‍රැවලර් නාලිකාව වෙත පනවා තිබූ වාරණය ඉවත් කෙරේ

වංචා සහගත මූල්‍ය ආයතනවල අයථා ක්‍රියා සහ වංචා පිළිබඳ පැමිණිලි දිනෙන් දින ඉහළ යන අතර කලකට ඉහත තිලිණි ප්‍රියමාලි සම්බන්ධ මූල්‍ය ආයතනයක කටයුතු ද රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කළා.

එම සමයේදී “ද ලයිෆ් ට්‍රැවලර්” නාළිකාව මූල්‍ය අයථා ක්‍රියාවන් පිළිබඳව වැඩසටහනක් විකාශය කළා.

ඒ, මූල්‍ය ගණුදෙනුවක් සඳහා පුද්ගලයෙකු පොළඹවා ගැනීම සඳහා කරන උත්සහයක් පිළිබඳව දුරකථන සංවාදයක හඬපටයක්ද සමඟයි.

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් සිටින බව කී කෝප්‍රස් නමැති සමාගමක් එම වැඩසටහන අළලා ලයිෆ් ට්‍රැවලර් ආයතනයට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කළා.

ඒ අදාළ වැඩසටහනෙන් සිය සමාගමට අගතියක් වූ බව පවසමින්.

එහිදී ලයිෆ් ට්‍රැවලර් වෙත වාරණ නියෝගයක් පැනවුණ අතර ඒ අනුව එම ආයතනයේ නම සඳහන් කරමින් (Copreus) කිසිදු ප්‍රවෘත්තියක් හෝ වාර්තාවක් ජනතාව වෙත ගෙන ඒම ලයිෆ් ට්‍රැවලර් ආයතනය වෙත තහනම් වුණා.

අදාළ සමාගම නඩුව ගොනු කර තිබුණේ “ද ලයිෆ් ට්‍රැවලර්” නාළිකාවේ හිමිකරු වන මනෝජ් රත්නායකට සහ අදාළ හෙළිදරව්ව අඩංගු හඬපටය සහිත වැඩසටහන ඉදිරිපත් කළ මාධ්‍යවේදී ධනංජය නාරංබැද්දට එරෙහිවයි.

එම මූල්‍ය සමාගමට අපහසයක් හා අපකීර්තියක් වන අසත්‍ය හා ද්වේෂ සහගත කරුණු ප‍්‍රචාරය නොකළ යුතු බවට ලයිෆ් ට්‍රැවලර් නාළිකාවට හා එහි ෆේස්බුක් පිටුවට වාරණ නියෝගයක් පැණවුණේ ඒ අනුවයි.

කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ලෙස ඒ මොහොතේදී පූර්ණිමා පරණගම විනිසුරුවරිය මෙම නියෝගය නිකුත් කර තිබුණා.

අධිකරණය ගිය වර නඩු විභාගයේදී තීන්දු කර තිබුණේ “ද ලයිෆ් ට්‍රැවලර්” වෙත පනවා තිබූ එම වාරණ නියෝගය ඉවත් කිරීමටයි

මෙම නඩුවේදී ද ලයිෆ් ට්‍රැවලර් වෙනුවෙන් පෙනී සිටින්නේ ජනාධිපති නීතීඥ ජගත් වික්‍රමනායක සහ මාධ්‍ය නීිති සංසදය වෙනුවෙන් නීතීඥ ප්‍ර⁣බෝධ රත්නායකයි.

ජනාධිපති නීතීඥ ජගත් වික්‍රමනායක
නීතීඥ ප්‍ර⁣බෝධ රත්නායක

යූ ටියුබ් නාළිකාවට හා ෆේස් බුක් පිටුවට නිකුත් කර තිබූ වාරණ නියෝගය අනුව ගත වූ මාස කිහිපයක කාලයක් තුළ අදාළ සමාගම පිළිබඳව කරුණු විකාශය කිරීම ගැටලුවක් වී තිබුණා.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

7 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

7 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago