Wednesday, April 15, 2026
Homeදේශීයඅප්පච්චි අන්තිම වෙනකන් හුස්ම ගත්තේ අපි රෝහලට පරිත්‍යාග කරපු මැෂින් එකෙන් -...

අප්පච්චි අන්තිම වෙනකන් හුස්ම ගත්තේ අපි රෝහලට පරිත්‍යාග කරපු මැෂින් එකෙන් – ඒකට කොච්චර දේවල් කිවුවද? – සජිත ඇන්තනි

දින 458ක කාලයක් රෝගාතුරව සිටි ජැක්සන් ඇන්තනී මහතාට දැඩිසත්කාර ඒකකයේ දී හුස්ම ගැනීම සඳහා භාවිත කළ යන්ත්‍රය පවුලේ ඥාතින් විසින් මුදල් එකතුකර රෝහලට පරිත්‍යාග කළ එකක් බව ජැක්සන් ඇන්තනී මහතාගේ පුත්‍ර සජිත ඇන්තනී මහතා පවසනවා.

තමන්, තමන් ගැන සාක්ෂි දීම නොගැලපෙන නිසා එය මෙතෙක් නොකියා සිටි බව ඒ මහතා සඳහන් කළා.

ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතුවලදී ස්තූති කතාව සිදුකරමින් ඒ මහතා මේ බව පැවසුවා.

එහෙත් රෝහලේ අධ්‍යක්ෂවරයෙකු ද ඇතුළුව පිරිසක් සමාජ මාධ්‍ය තුළ දින 458 දින 500ක් ලෙස දක්වමින් එම මැසිම ගලවා දැමිය යුතු යැයි පවසා බොරුවක් නිර්මාණය කළ බව ඔහු ප්‍රකාශ කළා.

බොහෝ අපහසුතා මත තම පියාණන් වෙනුවෙන් ඒ කළ පරිත්‍යාගයෙන් අදත් මතුවටත් තවත් රෝගියෙකු සුවපත් වන බව ඔහු පැවසුවා.

එම යන්ත්‍රය මිලදී ගැනීමට උදව් කළ පවුලේ සියලුදෙනාටම ඒ මහතා ස්තූති කර සිටියා.

READ:   මධු සුව විඳින 225 ගැන මිහින්තලය නායක හිමියන් හෙළි කරයි (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්