ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ මහතා අද (09) අලුයම අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කළා.
රිය අනතුරකට ලක්ව ජැක්සන් ඇන්තනී මහතා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.
මියයන විට ඒ මහතා 65 වන වියෙහි පසුවුණා.
වැඩසටහනක් රූ ගත කිරීමට අනුරාධපුර ප්‍රදේශයට ගොස් යළි එමින් සිටියදී තලාව මාර්ගයේ – මොරගොඩ ප්‍රදේශයේ දී ජැක්සන් මහතාගේ කැබ් රථයේ වන අලියෙකු ගැටී අනතුරක් සිදුවුණා.
ඉන් බරපතළ තුවාල ලැබූ ඒ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා.
මාස 14 ක පමණ කාලයක් එහි ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ජැක්සන් ඇන්තනී මහතා ප්‍රවීන රංගධරයෙකු සේම ගේය පද රචකයෙක්, ලේඛකයෙක් , නිවේදකයෙක් , විචාරකයෙක්, ගායකයෙක් මෙන්ම ඉතිහාස විශේෂඥයෙකු ලෙස ද කටයුතු කළ ප්‍රතිභාපූර්ණ කලාකරුවකු වෙනවා.
එමෙන්ම ඒ මහතා රූපවාහිනී ගුවන්විදුලි වැඩසටහන් නිර්මාණ කරුවෙකු මෙන්ම මෙරට සිටි ප්‍රවීණ මාධ්‍යවේදීයකු ද වෙනවා.
මෙරට පෞඩ ඉතිහාසය සරලව පැහැදිලිව ජනතාව අතර තැබීමට උත්සහගත් එතුමා එය ජාත්‍යන්තරය දක්වා රැගෙන ගිය සුවිශේෂී පුද්ගලයෙකු වනවා.
දෙස් විදෙස් සම්මාන රැසකට ප්‍රත්‍ර වූ ජැක්සන් ඇන්තනී මහතා “පනාපත්‍ර කුහුඹුපැනියා” හෙවත් හෙළ සිනමාවේ අසහාය රංගන පෞර්ෂය ලෙස හැඳින්වෙනවා.
ජැක්සන් ඇන්තනී ප්‍රවීණ රංගධරයාණෙනි ඔබට නිවන් සුව අත්වේවා..!


