ඉන්දියානු සාගර කලාපයේ 28 ක සහභාගිත්වයෙන් සුනාමි අපාදා පෙරහුරු වැඩසටහන් අද (04) පැවැත්වෙනවා.
උදෑසන 9.30 සිට 11.30 දක්වා ත්‍රිකුණාමලය,ගාල්ල සහ මතර දිස්ත්‍රික්ක මූලික කරගනිමින් මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතයි.
සුනාමි ආපදාවට මුහුණ දීම සඳහා කලාපීය රටවල ධාරිතාව වර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මෙම කාලය තුළ සුනාමි අවදානමක් සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත් අසත්‍ය ප්‍රචාර පැතිරීවීමෙන් වළකින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටිනවා.


