Monday, April 20, 2026
Homeදේශීයතද වැසි ඇතිකරමින් කාලගුණය යළි වෙනස් වෙයි

තද වැසි ඇතිකරමින් කාලගුණය යළි වෙනස් වෙයි

අද (04) දිනයේ දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තව දුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවල මි.මී. 75ට වැඩි තරමක් තද වැසිද බලාපොරොත්තු විය හැකියි 

ඌව සහ නැගෙනහිර පළාත්වලත්පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   සුපිරි නළු රැජිනිකාන්ත් හදිසියේ ශ්‍රී ලංකාවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්