Saturday, May 30, 2026
Homeදේශීයජීවිත තර්ජන නිසා ඉල්ලා අස්වූ මහේස්ත්‍රාත්වරයාගේ සිද්ධිය දුර දිග යයි. අධිකරණ ඇමතිට අභියෝගයක්!

ජීවිත තර්ජන නිසා ඉල්ලා අස්වූ මහේස්ත්‍රාත්වරයාගේ සිද්ධිය දුර දිග යයි. අධිකරණ ඇමතිට අභියෝගයක්!

මුලතිව් මහෙස්ත්‍රාත් දිසා විනිසුරු ටී. සරවණරාජා මහතා එම ධුරයන්ගෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නීතිඥ අචලා මහත්මිය ප්‍රකාශයක් කරනවා.

තමන්ට ජීවිත තර්ජන ඇති බවත් ඉතා ආතතියෙන් පෙළෙන බවත් විනිසුරුවරයා ප්‍රකාශ කර ඇති බව ඇය පවසනවා.

ප්‍රජාතන්ත්‍රවාදය නීතියේ ආධිපත්‍යය සුරකීමට සිටින නිතීඥවරුන්ට බියක් සැකයක් නැතුව කටයුතු කිරීමට නොහැකි නම් මහජනතාවට යුක්තියේ සාධාරණත්වය ඉටුවනවාද යන්න සැක සහිත බව ඇය පෙන්වා දෙනවා.

මෙම විනිසුරුවරයාට ජීවිත තර්ජන කළේ කව්ද? ආතතියෙන් පෙළීමට හේතුව කුමක්ද? ඇයි ඔහුට ධුරයේ කටයුතු කරන්න බැරි? යන්න සම්බන්ධයෙන් තමන් ගන්න පියවර අධිකරණ අමාත්‍යවරයා මහජනතාවට ඉදිරිපත් කළ යුතු බවට ඇය ඇමතිවරයාට අභියෝග කර සිටියා.

එම වීඩියෝව පහතින්,

READ:   ප්‍රවීන රංගනශිල්පී ෂාරුක් ඛාන් අද උපන්දිනය සමරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්