Friday, April 24, 2026
Homeදේශීයකොරෝනා බිය විය යුතු මාරාන්තික රෝගයක් නොවන බව එස්.බී. කියයි

කොරෝනා බිය විය යුතු මාරාන්තික රෝගයක් නොවන බව එස්.බී. කියයි

කොරෝනා පිළිබඳ මහා මරණ බියක් ජනතාවගේ සිත් තුළ ඇති නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා අද (26) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ, කොරෝනා එලෙස බිය විය යුතු මාරාන්තික රෝගයක් නොවන බවයි.

”මරණ බය මරණයට ප්‍රධාන හේතුවක්. මරණ වැඩිවීමට ඒ්ක නිසා මේක එහෙම බිය විය යුතු මාරාන්තික රෝගයක් නෙවෙයි”

කොරෝනා වැළඳෙන ආසාදිතයින් 81 %ක් කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව සුව වන බවත් 14 %කට සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්වා සුවය ලබන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා පැවසුවේ, ඒ් අනුව ආසාදනය වන පුද්ගලයින්ගෙන් 95%ක්ම සුවය ලබන බවයි.

ආසාදිතයින්ගෙන් 5% ක් පමණක් අසාධ්‍ය තත්ත්වයට පත්වන බවත් ඉන් ද 3%ක් සුවය ලබන බව ත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

තව ද මන්ත්‍රීවරයා පැවුසවේ, ලෝකයේ කොවිඩ් මරණ අනුපාතය 2.3% වන විට ලංකාවේ මරණ අනුපාතය 1.9% පමණක් බවයි.

ලෝකයේ කොරෝනා අධික ලෙස පැතිරි තිබූ පසුගිය මාස කිහිපයක ලොව රටවල් කිහිපයක් ආශ්‍රිතව මරණ පිළිබඳ සිදුකළ සමීක්ෂණයකට අනුව කොවිඩ් ආසාදිත මරණ පවතින්නේ 6 වන ස්ථානයට බවත් තවමත් ලෝකයේ කොරෝනා මරණ පවතින්නේ 6 වන ස්ථානයේ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

ඒ් අනුව කළබලයකින් තොරව විවෘත කර වෛද්‍ය උපදෙස් ද අනුගමනය කරමින් ප්‍රවේසමෙන් රට ඉදිරියට ගෙන යා යුතුය යන්න තමාගේ පෞද්ගලික අදහස බව මන්ත්‍රීවරයා පැවසී ය.

”එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව , නවසීලන්තය කරන දේවල් අපිට කරන්න බෑ. අපි විශාල විදේශ විනිමය ගැටලුවක ඉන්නෙ”

READ:   කොරෝනා මැද වුවත්, සංචාරකයන් ලක්ෂ එක හමාරකට වඩා ඇවිත්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්