Friday, July 24, 2026
Homeදේශීයපොහොට්ටුවේ නායකත්වයේ වෙනසක් ගැන මහින්ද යළිත් කියයි

පොහොට්ටුවේ නායකත්වයේ වෙනසක් ගැන මහින්ද යළිත් කියයි

පොදු ජන පෙරමුණේ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඊයේ (29) දහවල් කැලණිය රජ මහා විහාරස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේ දී ඔහු මේ බව පැවසුවා.

ඒ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

*සමාජ මාධ්‍යවල කියනවා ඔබ තුමා අසනීපයි කියලා?

“පේනවනේ මං අසනීපද නැද්ද කියලා..”

*පොහොට්ටුවේ නායකත්වය ගන්න ඉන්නේ ඔබතුමාද?

“නෑනෑ.. පොහොට්ටුවේ නායකත්වයට ඕනතරම් ඉන්නවා කට්ටිය..”

“අලුත් අය හදන්න ඕන.හැමදාම අපි ඉඳලා බෑනේ.”

*තරුණ නායකයෙක්ද පත්කරන්න හදන්නේ?

“පුළුවන් තරම් බලනවා ඉතිං..”

READ:   කෙහෙළිය රඹුක්වැල්ල අද CID යට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්