දේශීය

පුහුණු තරගය කඩුලු 07කින් බංග්ලාදේශය ජයගනී

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවති පුහුණු තරගය කඩුලු 07 කින් ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 1 ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 263ක් රැස් කළා.

පැතුම් නිස්සංක ලකුණු 68(64) ධනංජය ද සිල්වා ලකුණු 55 (79) කුසල් පෙරේරා ලකුණු 34 (24) වශයෙන් රැස් කළා.

පන්දු යැවීමේදී Mahedi Hasan කඩුලු 03ක් බිඳ දැමුවා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 264ක ඉලක්කයක් හබා ගිය බංග්ලාදේශය පන්දුවාර 8ක් ඉතිරිව තිබියදී කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ Tanzid Hasan ලකුණු 84 (88) යි.

Mehidy Hasan නොදැවී ලකුණු 67ක් රැස් කළා.

ලහිරු කුමාර, දුශාන් හේමන්ත සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

Recent Posts

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

1 day ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

1 day ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

3 days ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

3 days ago

අද ගිගුරුම් වැසි ඇති වෙන පැති

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…

3 days ago

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

5 days ago