Wednesday, April 22, 2026
Homeදේශීයලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය අදයි. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අයිතිය ජනතාවගෙන් පැහැර ගෙන - පැෆ්රල් සංවිධානය

ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය අදයි. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අයිතිය ජනතාවගෙන් පැහැර ගෙන – පැෆ්රල් සංවිධානය

ලෝක ප්‍රජාතන්ත්‍රවාදය දිනය අදට යෙදී තිබෙනවා.

“මතු පරපුර බල ගැන්වීම” යන්න මෙවර ප්‍රජාතන්ත්‍රවාදී දිනයේ තේමාව වී තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරීමයි.

ඒ ප්‍රජාව විසින් ගොඩනගාගන්නා සාමුහික සාධාරණ පාලන තන්ත්‍රයක් තුළින්.

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංඟයක් ලෙස මැතිවරණ ක්‍රමය හඳුන්වා දිය හැකියි. එහිදී ජනතාවට හිමි ඡන්ද බලය හරහා සුදුසු පාලකයින් තෝරා ගනු ලබනවා.

ජනතාව සතු මූලික අයිතිවාසිකම් වන සර්වජන ඡන්ද බලය ප්‍රජාතන්ත්‍රවාදයේ සුවිශේෂී අංගයක් වෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංගයක් වන ඡන්දය මගින් ජනතාවට පාලකයන් පත් කර ගැනීමට තියෙන අයිතිය මේ වන විට ශ්‍රී ලංකාව තුළ පාලකයින් අහිමි කර ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

අදට යෙදෙන ප්‍රජාතන්ත්‍රවාදී දිනය ගැන අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.

ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය සමරණ ශ්‍රි ලංකාවේ අද වන විට පළාත් පාලන මැතිවරණය ආදී මැතිවරණයන් අතුරුදහන් කර ඇති බව ඔහු පෙන්වා දෙනවා.

මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් පාලකයින්ගේ අභිමතය අනුව කටයුතු කරන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

READ:   වැඩිහිටියගේ ඉතිරිකිරීමට ලබාදුන් 15%, වැඩිහිටි දිනයේදී අහෝසි කරළා - විජිත හේරත් (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්