ලබන වසරේ සිට බිත්තර සහ කුකුළු මස් මිල පහළ යා හැකි අතර යළි මිල ඉහළ යාමක් සිදු නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
එසේම ලබන වසරේ සිට බිත්තර ආනයනය සඳහා ද අවශ්‍යතාවක් මතු නොවන බවයි ඇමතිවරයා පැවසුවේ.
ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කෘෂිකර්ම අමාත්‍යවරයා..
“කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තය අපේ රටේ ස්වයංපෝෂිත මට්ටමක පැවතියත්, කොවිඩ් වසංගත තත්ත්වය හා ආර්ථික අර්බුදය නිසා සත්ව ආහාර නිෂ්පාදනය පහළ වැටීමේ ප්‍රතිඵලයක් වශයෙන් කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය පහළ ගියා.“
“රටට අවශ්‍ය කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය 100%ක්ම සිදු වන්නේ පුද්ගලික අංශයෙන්. මේ වන විට සියලු ගොවිපොළවල කුකුළු පැටව් ප්‍රමාණය 3,420,000ක් ඉක්මවා තිබෙනවා. බොහෝ විට එම සතුන් ලබන දෙසැම්බර් මාසය වන විට බිත්තර දැමීම සිදු කරනවා. ඒ නිසා ලබන දෙසැම්බර් මාසයෙන් පසුව මෙරට බිත්තර නිෂ්පාදනය තවදුරටත් ඉහළ යනු ඇති බව එම කර්මාන්තකරුවන් ප්‍රකාශ කරනවා.“


