Monday, June 15, 2026
Homeදේශීයප්‍රදේශ රැසකට අදත් වැසි

ප්‍රදේශ රැසකට අදත් වැසි

අද (15) දකුණු පළාතේත් කළුතර දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව සහ වයඹ පළාත්වලත් කොළඹ, ගම්පහ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තරමක තද සුළං ඇති වන බව සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   කැම්ෆර්ගෙන් සුපිරි පිතිකරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්