Saturday, September 12, 2026
Homeදේශීයහිටපු මහබැංකු අධිපති රට බංකොලොත් වීමට හේතු හොයන විශේෂ සභාවට කැඳවයි.

හිටපු මහබැංකු අධිපති රට බංකොලොත් වීමට හේතු හොයන විශේෂ සභාවට කැඳවයි.

ආර්ථිකය බංකොලොත් භාවයට හේතු සෙවීමට පක් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද කැඳවා තිබෙනවා.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ද කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිත බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරනවා.

ආර්ථිකය බංකොලොත් වීමට හේතු සම්බන්ධයෙන් ඔවුන්ගෙන් සාක්ෂි ලබා ගැනීමට සැලසුම් කර ඇති බව සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරනවා.

READ:   සැකකරුවන් 863ක් අල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්