Friday, September 11, 2026
Homeදේශීයපාර්ලිමේන්තුවේ භූමිකාව ගැන විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්

පාර්ලිමේන්තුවේ භූමිකාව ගැන විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්

මහජන අවකාශය තුළ පාර්ලිමේන්තුවේ භූමිකාව පිළිබඳ විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.

file

මෙම වැඩසටහන සංවිධානය කර ඇත්තේ පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින්.

රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සහ කොළඹ විශ්වවිද්‍යාල‍යේ ශාස්ත්‍ර පීඨය නියෝජනය කරමින් සිසුන් සියයකට අධික පිරිසක් ඒ සඳහා සහභාගී වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

file

එහි දී පාර්ලිමේන්තුවේ කාරක සභා ක්‍රියාවලිය පිළිබඳ, පාර්ලිමේන්තුවේ කාර්යභාරය සහ නීති සම්පාදන ක්‍රියාවලිය, පාර්ලිමේන්තුවට මහජන ප්‍රවේශය, පාර්ලිමේන්තු ක්‍රමවේදය සහ ක්‍රියාපටිපාටි පිළිබඳ දැනුවත් කිරීම් කර තිබෙනවා.

පාර්ලිමේන්තුව විසින් සම්පාදනය කරන ලද වටිනා පොත් කට්ටලය බැගින් විශ්වවිද්‍යාල පුස්තකාල සඳහා බෙදාදීම ද මෙහිදී සිදු කෙරුණා.

file

වැඩසටහනට සහභාගී වූ විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තු චාරිකාවක් සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය විසින් සංවිධානය කර තිබුණා.

file
READ:   විදෙස් ගත ශ්‍රමිකයන්ට තීරු බදු සහන
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්