Tuesday, September 15, 2026
Homeදේශීයපාස්කු ප්‍රහාරය කාගේ අවශ්‍යතාවක් ද යන්න චැනල් 4 හෙළිකරනවා. මෛත්‍රී නිදහස් කරන්න...

පාස්කු ප්‍රහාරය කාගේ අවශ්‍යතාවක් ද යන්න චැනල් 4 හෙළිකරනවා. මෛත්‍රී නිදහස් කරන්න – අධිකරණයෙන් ඉල්ලයි.

පාස්කු ප්‍රහාරය කාගේ අවශ්‍යතාක් මත සිදුව ඇත්දැයි චැනල් ෆෝ නාලිකාව විසින් පසුගියදා නිකුත් කළ වැඩසටහන මගින් සවිස්තරව පෙන්වා දී ඇති බැවින් සිය සේවාදායකයා එම නඩු කටයුත්තෙන් මුදා හරින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අද අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඒ එම නඩු විභාගය අද (15) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී.

චැනල් ෆෝ නාලිකාව විකාශනය කළ එම වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

READ:   14 හැවිරිදි පාසල් සිසුවෙක් බූස්ස වෙරළ තීරයේ ගිලී අතුරුදහන් වේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්