Thursday, September 10, 2026
Homeදේශීයඅතුරුදන් වූ පොලිස් නිළධාරියාගේ සිරුර හමුවෙයි

අතුරුදන් වූ පොලිස් නිළධාරියාගේ සිරුර හමුවෙයි

කිලිනොච්චි මලයාලපුරම් වැව අසල නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට ගොස් සිටියදී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර හමුව තිබෙනවා.

ඒ අද (15) පුදුඅයියන්කුලම ප්‍රදේශයේ වැවක තිබියදී.

මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පොලිස් නිලධාරියෙක්.

ඔහු කිලිනොච්චිය පොලිස් ස්ථානයේ සේවය කරමින් සිට තිබෙනවා.

මත්පැන් ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සැකකරුවන් ඇළට පැන පිහිනාගොස් ඇති අතර පොලිස් කොස්තාපල්වරයා ඔවුන් අල්ලා ගැනීමට උත්සහ කිරීමේදී ඊයේ (14) අතුරුදන්ව තිබුණා.

අතුරුදන් වූ කොස්තාපල්වරයා සොයා ත්‍රීකුණාමලය යුධ හමුදා කඳවුරේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණා.

ඊයේ සවස් වනතුරුත් පොලිස් නිලධාරියා සොයා ගැනීමට හැකිව තිබුණේ නැහැ.

READ:   පොලිසියෙන් අහසට වෙඩි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්