file
කිලිනොච්චි මලයාලපුරම් වැව අසල නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට ගොස් සිටියදී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර හමුව තිබෙනවා.
ඒ අද (15) පුදුඅයියන්කුලම ප්‍රදේශයේ වැවක තිබියදී.
මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පොලිස් නිලධාරියෙක්.
ඔහු කිලිනොච්චිය පොලිස් ස්ථානයේ සේවය කරමින් සිට තිබෙනවා.
මත්පැන් ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සැකකරුවන් ඇළට පැන පිහිනාගොස් ඇති අතර පොලිස් කොස්තාපල්වරයා ඔවුන් අල්ලා ගැනීමට උත්සහ කිරීමේදී ඊයේ (14) අතුරුදන්ව තිබුණා.
අතුරුදන් වූ කොස්තාපල්වරයා සොයා ත්‍රීකුණාමලය යුධ හමුදා කඳවුරේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණා.
ඊයේ සවස් වනතුරුත් පොලිස් නිලධාරියා සොයා ගැනීමට හැකිව තිබුණේ නැහැ.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…