Tuesday, April 21, 2026
HomeදේශීයiPhone වලට තහනමක්

iPhone වලට තහනමක්

iPhone 12 ජංගම දුරකථනය සඳහා ප්‍රංශය තුළ වෙනත් යාවත්කාලීන කිරීමක් (Update) ලබා දීමට ඇපල් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ එම උපාංග මගින් නිකුත් වන විද්‍යුත් චුම්භක විකිරණයන් ගැන ප්‍රංශයේ දැඩි අවධානයට ලක්වීම හේතුවෙන්.

මේ හේතුවෙන් ප්‍රංශය තාවකාලික iPhone 12 දුරකථනය ප්‍රංශය තුළ විකිණීම තහනම් කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ iPhone 12 සඳහා යාවත්කාලීන කිරීමක් සිදුකරන බවට ඇපල් සමාගම ප්‍රංශ බලධාරීන්ට පොරොන්දු වූ බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ එම ගැටලුව මඟහැර දීම සඳහා යි.

මෙම ගැටලුව විසදීමට ඩිජිටල් කටයුතු පිලිබඳ ප්‍රංශ අමාත්‍යවරයා මැදිහත් වී සිටිනවා.

මෙම විකිරණ මගින් මහජන සෞඛ්‍යට අනතුරක් නොමැති බව ඇපල් සමාගම අවධාරණය කරනවා.

එමෙන්ම තම උපාංග ලොව පුරා විමෝචනය පිළිබඳ නීතිරීතිවලට අනුකූලව නිෂ්පාදනය කර ඇති බව එම සමාගම පවසනවා.

කෙසේ වෙතත් ප්‍රංශයේ ඇපල් භාවිතා කරන්නන් සදහා පමණක් යාවත්කාලීනයක් ලබා දෙන බවයි ඇපල් සමාගම පවසා ඇත්තේ.

READ:   බලධාරීන්ට කලාකරුවන් අමතක වෙලා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්