Saturday, September 12, 2026
Homeදේශීයපෙරහැරට ගෙනා අලියෙකු පහරදී 12 හැවිරිදි පාසල් සිසුවෙක් මරුට

පෙරහැරට ගෙනා අලියෙකු පහරදී 12 හැවිරිදි පාසල් සිසුවෙක් මරුට

අලියෙකු පහරදීමෙන් පනාමුර ප්‍රදේශයේ පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පානාමුර කාවන්තිස්ස රාජ මහා විහාරයේ අද පැවැත්වීමට තිබූ පෙරහැරක් සඳහා ගෙනවිත් තිබූ අලියෙකු රඳවා සිටි ස්ථානය වෙත ගොස් සිටියදී පාසල් සිසුවා මෙම ප්‍රහරකෑමට ලක්ව තිබෙනවා.

අලියාගේ පහරදීමෙන් මියගියේ වයස අවුරුදු 12ක් වූ ඇඹිලිපිටිය ගල් අමුණ ප්‍රදේශයේ සිසුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා මාධ්‍යට අදහස් දැක්වූවා.

READ:   කළුතර පාසල් සිසුවියගේ මරණය ගැන වෙනස් කතාවක් සැකකරු පාපෝච්චාරණය කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්