දේශීය

අන්තර්ජාල අසත්‍ය තොරතුරු වැළැක්වීමට නව නීතියක්!

අන්තර්ජාලය හරහා සිදු කරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය වැළැක්වීම සඳහා හා ද්වේශසහගත හැසිරීම් වැළැක්වීම සඳහා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය යනුවෙන් සකස් කරන ලද නව පනත් කෙටුම්පතකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් එම කැබිනට් පත්‍රීකාව ඉදිරිපත්කර තිබිණ. 

නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද එම පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී තිබෙන බවද ඒ සම්බන්ධයෙන් වූ කැබිනට් මණ්ඩල තීරණයේ සඳහන් කර තිබේ. 

එම පනතෙන් වැරදි වශයෙන් අර්ථ නිරූපණය කර ඇත්තේ,

  • ශ්‍රී ලංකාව තුළ සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම,
  • අපහාසයට හේතුවන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම,
  • අසත්‍ය ප්‍රකාශයක් මගින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුනේ ප්‍රකෝප කිරීම,
  • අසත්‍ය ප්‍රකාශයක් මගින් ආගමික රැස්වීමකට බාධා කිරීම,
  • ආගමික හැඟීම් වලට රිදවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම,
  • ආගමික  හැඟීමක් නග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශසහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම,
  • වංචා කිරීම, අනෙකෙකු ලෙස පෙනී සිටිමින් වංචා කිරීම,
  • සාමය කඩ කිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මගින් චේතාන්විතව ම නින්දා කිරීම,
  • කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදු කිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම,
  • හිරිහැර සිදු කිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම,
  • ළමා අපයෝජනය, වරදක් සිදු කිරීම සඳහා බොට් සෑදීම හෝ වෙනස් කිරීම ආදිය යි

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago