Tuesday, August 25, 2026
Homeදේශීයදුම්රිය වර්ජනය අවසන්: දුම්රිය හෙට යළිත් වර්ජනයක

දුම්රිය වර්ජනය අවසන්: දුම්රිය හෙට යළිත් වර්ජනයක

බලාධාරීන් සමඟ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා.

ඒ අනුව දුම්රිය ධාවනය හවස් කාලය වන විට යථා තත්ත්වයට පත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.

එහෙත් සුළු ප්‍රමාදවීම් ඇතිවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේ වෙතත් හෙට යළි දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය පවසා තිබෙනවා.

එම වර්ජනය සම්බන්ධයෙන් එම සංගමය විසින් පාලන අධිකාරිය දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කරන ලෙස සහ ශ්‍රේණි උසස්වීම් කඩිනම් කරන ලෙස ඉල්ලා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට පිවිසෙන බවයි එම සංගමය පවසා ඇත්තේ.

READ:   දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්